ආදරය යනු....... මේ කාරණාව ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා කෙනෙක් ආදරය යනු පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ලබා දිය යුතු දෙයක් විදහට අර්ථ දක්වන කොට තව කෙනෙක් ආදරය තරමක් ප්‍රචණ්ඩ බව කියනවා. ආදරයේ පැවැත්ම සඳහා බාධාවන් තිබිය යුතු බව තවත් මතයක් ලෙස ඉදිරිපත් වී තිඛෙනවා. ෙකසේ නමුත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මග දිගේ අද දක්වා ඉස්සරහට එනකොට අපි මේ කතා කරන ආදරය කියන කාරණාව ප්‍රස්තූත කරගත් විවිධ සිදුවීම් රාශියක් ඉතිහාසය පුරා දැකගන්නට පුලූවන්. ඉහවහා ගිය ආදරය වගේම , බලය ලබාගැනීම, රාජ්‍යත්වය පවත්වාගෙන යාම වැනි හැම දෙයක් සඳහාම ආදරය භාවිතා වුනා. මේ හැම දෙයක්ම ඉහත කාරණාව තුළදී අපට කතා කරන්න පුලූවන්. ඉතින් ඒසා සංකීර්ණ වූ, විටෙක අප නලවන විටෙක අප හඬවන අප බදා වැලඳ ගන්නා වූ මේ ආදරය පැමිණෙන්නේ කොහේ සිටද? මේ ආදරය කාගේ නිර්මාණයක්ද? අාදරය කියන මිනිස් හැඟීමට ප්‍රාණය ජීවය සහ අර්ථය ගොඩනැංවූයේ ශිෂ්ටාචාරය විසින්. පූර්වජ මිනිසා හුදු ආකර්ෂණය සහ ලිංගිකත්වය නැමැති ස්වභාවික කාරණාව මත සම්බන්ධතා පැවැත්වූ අතර මිනිස් සමාජය සංස්කෘතික වන්නට පටන් ගත්දා සිට, නැතිනම් මහඅනෙකාගේ නීතිය මිනිසා ශික්ෂණය කරන්න...
Comments