Thursday, March 25, 2010


සන්නිවේදනය තොරතුරු තාක්ෂණය සහ ශ‍්‍රී ලාංකිකයෝ සත්‍ය කතාවක් ඇසුරෙන්. නම් ගම් මන:කල්පිතයි සන්නිවේදනය අපව කිට්ටු කරලලූ. ඒක නිසාම ලෝකය කුඩා වෙලාලූ. ලෝකය එකම එක යායක්ලූ, තොරතුරු තාක්ෂණය අපට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලාලූ., ඔව් කතාව නම් ඇත්ත. මේ නිසා අපේ ලෝකය වේගවත් ඉදිරි ගමනක් යනව. හැබැයි ප‍්‍රශ්නෙ මේව මේ විදියටම අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නවද කියන එක. එහෙම නැත්තම් ඉහත කාරණා සාධනීය විදියට අපේ රටේ ක‍්‍රියාත්මක වෙනවද කියන එක. ඇයි මට මෙහෙම හිතෙන්නෙ. ඒක තමා මටත් තියෙන ප‍්‍රශ්නෙ. ඇයි මට මෙහෙම හිතෙන්නෙ? අනේ මන්දා..... මේව කියලත් බෑ නොකියත් බෑ. ඕගොල්ලන් හිතයිද දන්නෙ නෑ මම හැම දේකම වැරදි දකින නිසා මට ඔලූවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නෑ කියල. සමහරවිට එහෙම වෙන්නත් ඇති. ඒත් මේව නොකිය බෑ.  


දැන් ඔය සන්නිවේදනය අපිව කිට්ටු කරල කියනවනේ. එක පැත්තකින් ඒක ඇත්ත. අනෙක් පැත්තෙන් ගත්තොත් සන්නිවේදනය අපිට තට්ටු කරල තියෙනවනේ.අනික් පැත්තෙන් ඒකත් ඇත්ත. එහෙනම් කොහොමද මේ තට්ටුව වෙන්නෙ? ඒක විවිධාකාරයි. x එක පැත්තකින් සන්නිවේදන සමාගම් අපිට කිට්ටු කරල පොකැට් එකට තට්ටු කරනව. x අනෙක් පැත්තෙන් අපිම මොට්ට විදියට අපිටම තට්ටු කරගන්නව. x අනන්‍යතාවය හොයාගන්නත් පාවිච්චි කරනව දැන් මේ තට්ටු වෙන්නෙ අපිට විතරද.....? නෑ අපිට වගේම රටටත් වක‍්‍රාකාරයෙන් තට්ටු වෙනවා. ඉස්සර කාලේ අපේ රටේ දුරකතන සමාගම් එකක් දෙකක් තමා තිබුණෙ. මෑතකදි තමා සමාගම් ගොඩක් වුනේ. ඉස්සර සෙලියුලර් දුරකතනයක් ගන්නව කියන එක ගොඩක් අයට සිහිනයක්. දැන් කාලේ සෙලියුලර් දුරකතනයක් ගන්නව කියන එක නිකං අඹ වාරෙට ඇපල් ගෙඩියක් ගන්නව වගේ දෙයක්. තව ටික දවසකින් පේව්මන්ට් එකේ ගොඩ සීයයි..... ගොඩ සීයයි..... කියල සමහරවිට සෙලියුලර් දුරකතන විකුණයි. ඒ විතරක්ද? මේ වෙනකොට සම්බන්ධතාවයත් නොමිළේම දෙනව. ඉස්සර කාලේ ඇමතුමක් ගන්නව කියන එක නිකං ඇෙඟන් ඇටයක් ගියා වගේ. දැන් එහෙමද? ගාන සෑහෙන්න අඩු කරල. කෝල් එකක් සත පනහට රුපියලට ගිහිල්ල. ඇඟට ඇට හයි කරනව වගේ වැඩක්. ඒක හරි හොඳ වැඩක්. හැබැයි මේ සන්නිවේදන විප්ලවය අස්සෙ මට මතක් උනේ ඉස්සර රුපියල් 15,10, තිබිච්ච ඇමතුම් මිළ ගනන් මෙච්චර අඩු කළේ කොහොමද? සක‍්‍රයයි වයිමයි ඔය ඉන්න අනික් දෙවිවරුයි මේ ටැලිෆෝන් සමාගම් වල ලොක්කො උනාවත්ද මන්දා?.  


අපිට ටැලිෆෝන් කියන්නෙ නිකං වඳුරට දැලි පිහිය වගේ. බොහොම අමාරුවෙන් ගාණක් එකතු කරගෙන ටැලිෆෝන් යන්ත‍්‍රයක් අරගෙන හම්බ කරන සබ්බ සකලමනාවම ටැලිෆෝන් කොම්පැණි වලට පුදන්න අපි හරිම සූරයි. ඒක මාරයි නේද? මෙලෝ සිහියක් නැතුව කෝල් ගන්න ඇත්තො පාර තොටේ, කන්තෝරු වල, ගෙවල් වල අම්බානක ඉන්නව. මගේ ගෙදර වැඩ වගයකට ආපු බොහොම තරුණ මේසන් බාසුන්නැහැ කෙනෙක් හැමදාම රුපියල් 300 ටැලිෆෝන් කොම්පැණියට පුදල ඒකෙන් රීලෝඞ් දාගෙන දවස තිස්සෙ කතාව. හම්බ කරන්නෙත් හත් අටසීයයි. ඒකෙනුත් 300 කතාවට වියදම් කරනව. වැඩෙත් බාගෙට කරන්නෙ. ඒකෙන් සතයක්වත් ආදායම වැඩිවෙන්නෙ නෑ. කොන්ත‍්‍රාත් දීපු නිසා මට නං පාඩුවක් උනේ නෑ. බඩට කටට කාලද? මට නං පේන්නෙ මේක හරියට කුඩු ගැහුව වගේ වැඩක්. 


සන්නිවේදනය දියුණු වුනාම වෙන රටවල නම් කාර්යක්ෂමතාවය ඉහළ ගියා. අපේ රටේ ඕනෑම තැනක ... විශේෂයෙන් කාර්යාල වල බොහො වෙලාවට මිනිස්සු ඉන්නෙ ටැලිෆෝන් වල එල්ලිච්ච ගමන්. මේකෙන් වෙලා තියෙන්නෙ තිබිච්ච කාර්යක්ෂමතාවයත් පහළ ගිය එක. එහෙමත් නැත්නම් වැඩ වල තිබ්බ ගුණාත්මක බව පහළ ගිය එක. මේක මේ රටේ සංවර්ධනයට ඍජුවම බලපානවා. දැන් අර ඉස්සෙල්ල සඳහන් කරපු ඇමතුම් මිළ හෙවත් කෝල් චාර්ජර්ස් අඩු කරපු එකෙන් අපේ බිළ අඩු වෙන්න ඇති කියල ඕගොල්ලන් හිතුව නම් ඒකත් වැරදියි. මොකද දැන් කතා කරන වෙලාව වැඩි කරල. ඉස්සර විනාඩි 30 කතා කරපු එකා දැන් පැය ගාණක් කතා කරනව. මේක ටැලිෆෝන් සමාගමේ සංවර්ධනයට තදින්ම බලපානවා. කොහොමද එකම කාරණාව දෙවිදියකට දෙපැත්තකට බලපාන හැටි.  


මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් ටැලිෆෝනය සොයා ගත්තු ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් ජීවතුන් අතර සිටියා නම් ලංකාවේ මිනිස්සු ටැලිෆෝනය නිසා කරගත්තු අතරතැබ්බය දැකල අපේ අය වගේම නොනවත්වා, බඩට නොකා, රැුයක් දහවලක්, තැනක් නොතැනක්, නැතුව ස්ථාවර හරි සෙලියුලර් හරි, පෙර ගෙවුම් හරි පසු ගෙවුම් හරි ටැලිෆොන් එකකින් කතා කරල කරල දිවි නහගනී කියලයි මම නම් හිතන්නෙ. ඔය ටෙලිෆෝන් වල තත්වෙ. අන්තර්ජාලය පැත්තට ගියාම මොකක්ද තත්වෙ? අන්තර්ජාලය ජන්ජාලයක් වෙලා තියෙන්නෙ. දැනුම ගබඩා වෙලා තියෙන අන්තර්ජාල සාගරයේ කිමිදිලා දැනුම උකහා ගන්නෙ නැතුව අපේ අය ඕක පාවිච්චි කරන්නෙ චැට් කරන්නයි ගේම්ස් ගහන්නයි නිරුවත් රූප බලන්නයි. රට ලෝකේ ගැන අලූත් දැනුම සොයා යන්න වැඩි දෙනෙක් ට‍්‍රයි කරන පාටක් නෑ. ඉතින් අපි දශක ගණනාවක් තිස්සෙ බෙරිහන් දෙනව අපි තාම දියුණු වෙමින් පවතින රටක් කියල. ඉතින් දියුණු වෙයිද මේ වගේ ආකල්ප තියෙන මිනිස්සු ඉන්න රටක්

No comments: