Tuesday, March 9, 2010




ආදරය යනු.......


මේ කාරණාව ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා
කෙනෙක් ආදරය යනු පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ලබා දිය යුතු දෙයක් විදහට අර්ථ දක්වන කොට තව කෙනෙක් ආදරය තරමක් ප්‍රචණ්ඩ බව කියනවා. ආදරයේ පැවැත්ම සඳහා බාධාවන් තිබිය යුතු බව තවත් මතයක් ලෙස ඉදිරිපත් වී තිඛෙනවා.

ෙකසේ නමුත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මග දිගේ අද දක්වා ඉස්සරහට එනකොට අපි මේ කතා කරන ආදරය කියන කාරණාව ප්‍රස්තූත කරගත් විවිධ සිදුවීම් රාශියක් ඉතිහාසය පුරා දැකගන්නට පුලූවන්. ඉහවහා ගිය ආදරය වගේම , බලය ලබාගැනීම, රාජ්‍යත්වය පවත්වාගෙන යාම වැනි හැම දෙයක් සඳහාම ආදරය භාවිතා වුනා. මේ හැම දෙයක්ම ඉහත කාරණාව තුළදී අපට කතා කරන්න පුලූවන්. ඉතින් ඒසා සංකීර්ණ වූ, විටෙක අප නලවන විටෙක අප හඬවන අප බදා වැලඳ ගන්නා වූ මේ ආදරය පැමිණෙන්නේ කොහේ සිටද? මේ ආදරය කාගේ නිර්මාණයක්ද?

අාදරය කියන මිනිස් හැඟීමට ප්‍රාණය ජීවය සහ අර්ථය ගොඩනැංවූයේ ශිෂ්ටාචාරය විසින්. පූර්වජ මිනිසා හුදු ආකර්ෂණය සහ ලිංගිකත්වය නැමැති ස්වභාවික කාරණාව මත සම්බන්ධතා පැවැත්වූ අතර මිනිස් සමාජය සංස්කෘතික වන්නට පටන් ගත්දා සිට, නැතිනම් මහඅනෙකාගේ නීතිය මිනිසා ශික්ෂණය කරන්නට වීමත් සමග ආදරය කියන කාරණාව මිනිස් සම්බන්ධතා සමග එක්වුනා. ඉතින් මේ මිනිස් සම්බන්ධතා ඇතිවන්නෙ නැත්නම් පවතින්නෙ උපයෝගිතාවය මත. උපයෝගිතාවය හමාර වූ විට එම සම්බන්ධතා බිඳ වැටෙනවා. හැබැයි ආදරය මේ සම්බන්ධතා තුළ තිබුනානම් උපයෝගීතාවය නැතත් ආදරය නිසා සම්බන්ධය හැමදාමත් පවතීවි. ඉතින් අපි සමාජයේදී දකින විවිධ මිනිස් සම්බන්ධතා තුළ ආදරය ඇති අවස්ථා මෙන්ම නැති අවස්ථා අනන්තවත් දැකිය හැකියි.

ඒ්වගේම අපේ සමාජය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආදරය කියන කාරණාව විවිධ මිනිස් සම්බන්ධතා සමග පටලවා ගෙන, දෙදෙනෙක් අතර ඇතිවන ඕනෑම සම්බන්ධයක් ආදරය කියල හිතන එක. විවාහය කියන්නෙ ආදරය නෙමෙයි. එය හුදු බැඳීමක්. ප්‍රේම සම්බන්ධය කියන්නෙ ආදරය නෙමෙයි ආකර්ෂණයක්. හුඟ දෙනෙක් හිතන්නෙ යමෙක් තවකෙකුට කැමති උනොත්, දෙදෙනෙක් විවාහ උනොත් ඒ ආදරය කියල. නමුත් ඒ ආදරය නෙමෙයි. ආකර්ෂණය. හැබැයි මේ මිනිස් සම්බන්ධකම් ඇතුළට ආදරය කියන කාරණාව ඇතුල් කරන්න පුලූවන්. ඉතින් එලෙස ආදරය ඇතුල් නොවුනු සම්බන්ධකම් අපට අනන්තවත් දැක ගන්නට ලැඛෙනවා. සමහරුන් හිතනව යෝජනා විවාහ වලට වඩා ප්‍රේම සම්බන්ධතා මත ඇතිවන විවාහ හොඳයි කියල. තවත් සමහරු හිතන්නෙ යෝජනා විවාහ හොඳයි කියල. හැබැයි මේ කුමනාකාරයකින් විවාහය සිද්ධ උනත් ඒ තුළ ආදරය නැතිනම් ඒවා සාර්ථක වන්නේ නෑ.

බිරිඳ මගේ ඔබ නෑ මා ඔබගේ බිරිඳ නොවේ

දෑඟිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ නොවේ

ගූණදාස කපුගේ කියන මේ ගීතය තුළ සම්බන්ධකම් සහ නියම ආදරය කියන කාරණා දෙක බොහොම ලස්සනට ලියවිලා තියෙනවා. නීතියෙන් පමණක් විවාහ වී, ආදරය නොමැතිව ජීවත් වන අය අපට අනන්තවන් දැක ගන්නට පුලුවන්. ඉතින් කවදාවත් ආදරය කියල කියන්නෙ මොකක්ද කියල මට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඒක රාමුවක් ඇතුළට ගේන්න බෑ. ඒක විවිධ පුද්ගලයින්ගේ ජීවිතාවබෝධය ඇතුලෙ, සන්දර්භයන් ඇතුලෙ වෙනස් වෙන දෙයක්.

අපිට සතා සීපාවට, පරිසරයට, පොදු මිනිස් සමාජයට අදරය කරන්න පුලූවන්. ඉතිහාසයේ සිටි මහා පුරුෂයින් වන බුදුරජානන් වහන්සේ, ඡේසුතුමන් විශ්වයේ සිටින මුලූමහත් මිනිස් සමාජයට ආදරය කලා. අද දවස වන විට අපේ සමාජය ආදරය කියන කාරණාව සමහරවිට වැරදි විදිහට තමයි අර්ථ ගන්වගෙන තියෙන්නෙ. අපි මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතමු. අපි අපේ දරුවන්ට හරි ආදරෙයි. අපි හැම දෙයක්ම දරුවන් වෙනුවෙන් කරනව. අනික් දරුවන්ට වඩා අපේ දරුවා ඉහලට ගෙන යන්න අපි ඕනෑම දෙයක් කරනව. ඒ ආදරය නිසා. හැබැයි අපි ආදරය කරන්නෙ අපේ දරුවාට විතරයි. එතකොට අනෙක් දරුවො දරුවො නෙමෙයිද? ඇයි අපිට අනෙක් දරුවන්ටත් ආදරය කරන්න බැරි. සමහරවිට සමහර අය හිතයි මේවා ප්‍රායෝගික නොවන දේවල් කියල. නෑ මේවා අපේ සමාජයෙ යම්තාක් දුරට හෝ මෑතක් වනතුරු ක්‍රියාත්මක වූ දේවල්. තවමත් නශ්ටාවශේෂ විදිහට හෝ ක්‍රියාත්මක වන් තැන් අපට දැක ගන්නට පුලූවන්.

ඉතින් මගේ සුපිරි අහම එහෙම නැත්නම් උත්තර විඥානය ඉල්ලා සිටින්නේ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ආදරය පිරිනමන් මිනිසුන් සිටින ලෝකයක්. බල ලෝභය, වෛරය, කෝ්‍රදය නොමැති අපි එකිනෙකාට ආදරය කරන ආදරණීය සමාජයක්

No comments: