Wednesday, March 17, 2010

REALITY වීරයො


නායකයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, වීරයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, ජනප‍්‍රිය චරිත බිහි වෙන්නෙ ජනතා ආදරය තුළින්. ඒ ඉස්සර කාලේ....දැන් කාලේ මේ හැමෝම බිහි කරන්නෙ මිඩියා එක. නායකයෙක් කියල කෙනෙක්ව හදලා ජනතාවට මීඩියා එකෙන් පෙන්නනවා.... මේ ඉන්නෙ නායකයෙක්. කියල.... වීරයෙක් කියල කෙනෙක්ව හදල මීඞීයා එකෙන් පෙන්නනවා මේ ඉන්නෙ වීරයෙක් කියල. එතකොට අපි ඒක පිළිගන්න ඕන. මේ කාලෙ නායකයො, වීරයො හදන්නෙ මීඩියා එක මිසක් ජනතාව නෙමෙයි. ඒක නිසාම මෙහෙම බිහිවෙන අය ජනතාවට වග කියන්නෙ නෑ. එගොල්ලන් වග කියන්නෙ මීඩියා එකට. දැනට මේක කරන්නෙ එක එක මාධ්‍යය ආයතන වල සැඟවුනු න්‍යාය පත‍්‍ර අනුව. තව ටික කාලෙකින් ජනතාවගෙ නායකයො සහ වීරයො තෝරන REALITY SHOWS එහෙමත් පටන් ගනී. එතකොට මාධ්‍යය ආයතනය ඉදිරිපත් කරන තරඟකරුවන් අතරින් නායකයෙක් කරන්න ඔබ කැමති X ට නම් LX හිස් තැනක් අංක ..... යොදා 7712 SMS කරන්න. වීරයෙක් කරන්න ඔබ කැමති Y ට නම් HY හිස් තැනක් අංක ... යොදා 7725 ට SMS කරන්න. වෙයි. එතකොට මාධ්‍යය මගින් ඉදිරිපත් කරන කෙනා ජනතා ඡුන්දයෙන් මාධ්‍යය වීරයා හෝ නායකයා බවට පත්වේවි. දිනන කෙනාට මිලියන ගනන් මුදල් ලැබෙවි. නැත්නම් නොලැබෙවි. ඒ කොහෙම වෙතත් යවපු SMS හින්ද අපේ සාක්කුවට නම් තට්ටු වේවි. හැබැයි ඉතින් REALITY SHOWS නොවුනත් තරෙඟට ඡුන්ද දැන්වීම් දාලා වීරයො සහ නායකයො වෙන්න හදන අය මේ කාලේ ටෙලිවිෂන් තිර පුරෝලා ඉන්නව. මොකද කියනවනම් ඡුන්දෙ තියෙනවනෙ. ඒකයි....
දැන් අපි බලමු සැබෑ ජනතා ආදරය දිනාගෙන ජනප‍්‍රිය වීමයි මාධ්‍ය ආයතන මගින් නම් කරල වියදම් කරල ජනප‍්‍රිය කරවීමයි ගැන. මේක එක එක විදිෙය Stars ලා බිහි කරන කාලයක්.. අපි බොහෝ දෙනෙක් කැමතියි ජනප‍්‍රිය වෙන්න. ඒක මිනිස් ස්වභාවයක්. ඉතින් මෙන්න මේකතේරුම් ගත්ත බටහිර මනුස්සයෙක් තරු තෝරන සංගීත වැඩසටහනක් පටන් ගත්ත. වැඩෙ නැගලා ගියා. පස්සෙ මේ වැඩසටහන් ආකෘතිය ඇමරිකන් කාරයෙක් සල්ලිවලට ගත්තා. ඔය විදිහට තමා X-Factor සහ America Idol පටන් ගත්තෙ. දැන් මේ වගේ වැඩසටහන් ලොකයේ රටවල් කීපයක තියෙනවා. අපේ රටේ ආයතනයකුත් ඒ වැඩසටහන් බලල මෙහෙත් ඒ වගේම වැඩසටහනක් පටන් ගත්ත. වැඩෙ නැගලා ගියා. දැන් ලංකාවේ තියෙන හැම ටෙලිවිෂන් ආයතනයකම තරු බිහි කරන Reality Shows වැහි වැහැලා. දැන් මේ අය නානාප‍්‍රකාර තරු බිහි කරනව. ගයන තරු, නටන තරු, විකට තරු, ළමා තරු, හෙවනැළි තරු, වයන තරු, අන්තිමේදී වල්ග තරුත් බිහිකරයිද දන්නෙ නැහැ. දැන් මෙහෙම බිහි කරන අයට අන්තිමේදි මොකද වෙන්නෙ. මේ තරඟ වලට ඉදිරිපත් වන දක්ෂ දරුවන්ට අනාගතයක් තියෙනවද? අති සාමාන්‍යය ජීවිතයක් ගත කරල එකපාරටම ගුවන්ගත කරල අත ඇරලා දානව. නිකන් කරකවල අත ඇරිය වගේ. එහෙම උනාට පස්සෙ දැන් ඊළඟට මම මොකද කරන්නෙ? කියන ප‍්‍රශ්නයට උත්තර දෙන්නෙ කව්ද? මෙලෙස බිහි කරන තරුවලට නිසි පුහුණුවක් මග පෙන්වීමක් කරන්නෙ කව්ද?....
බහුජන සංස්කෘතික යුගයේ සියලූම දේවල් ඇමරිකානුකරණය වෙලා. සංස්කෘතික විවිධත්වය නැති වෙලා. කොහේ බැලූවත් අපිට පේන්නෙ එකම වගේ දේවල්. ඔය කතන්දරේ ලංකාවේ ටෙලිවිෂන් වලටත් වෙලා. ලංකාවෙ තියෙන හැම චැනල් එකක්ම එකම වගේ. එකම වෙලාවට හැම එකකම එකම වගේ වැඩසටහන් යන්නෙ. එකම නලූ නිලියො එක වගේ කතන්දර තියෙන ටෙලිනාට්‍යය වල ඉන්නව. ඔක්කොම පැටලිලා. දවසක් අපේ මිත‍්‍රයෙක් මත් රකුසාට බිලි වුන වෙලාවක ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ සින්දුවක් කිව්ව. මෙන්න මේ විදියට තමා කිව්වෙ.

කන්දේ හැපුණා මහ වනන්තරේ
ඞී සී අට අහස් යන්තරේ
එල්ලලාද මැරුවේ මරලාද එල්ලූවේ ශාන්ත අන්තොනි මුණිතමා.....

සින්දු තුනක් පටලවලා ලස්සනට තාලෙට කිව්ව. කිසිම අවුලක් නැතුව. ඒ වගේම තමා ලංකාවේ ටෙලිවිෂන් වැඩසටහන්. ඔක්කොම එකයි. පැටලූනාට අවුලක් නෑ. කෝක බැලූවත් එකයි. ලංකාවේ විවිධ තරංග පරාස වල එක එක නම් වලින් වැඩසටහන් පෙන්නුවට මට න ම් පේන්නෙ එකම අනන්‍යතාවය තියෙන එකම එක චෑනල් එකයි. විවිධත්වයක් නෑ. හැමෝම උත්සාහ කරන්නෙ අනික් චැනල් එක වගේ වෙන්න. ඒ කියන්නෙ තමන් නොවී අනෙකා වීම. අනික මේ චැනල් වල තියෙන්නෙ එකම වගේ වැඩසටහන් සුලූ ප‍්‍රමාණයක්. ඒවත් ඔරිජිනල් නෙමෙයි. එක්කො පිටරට වැඩසටහන් කොපි කරල නැත්නම් තවත් චැනල් එකක් පිටරටින් කොපි කරල හදපු වැඩසටහනක් කොපි කරල. සමහර වෙලාවට මේවායෙ වෙනස් නම විතරයි. වැඩසටහන එකයි. කරනවනම් කරන්න අනන්ත අප‍්‍රමාණ වැඩසටහන් තියෙනවා. එක්කො කව්රුත් කරන්නෙ නෑ... නැත්නම් කාටවත් කරන්න දෙන්නෙ නෑ. කළත් අනුග‍්‍රාහකයො නෑ. අපිත් දෙන දෙයක් බලල දැහැමින් සෙමින් ජීවත් වෙනව. අපි බලන නිසා ඒගොල්ලොත් තවත් හද හද දෙනව. දෙන්න දෙන්න අපිත් අත අරින්නෙ නැතුවම බලනව. එක චැනල් එකක් නෙමෙයි. හැම චැනල් එකක්ම බලනව. රිමෝට් එක ගෙවෙනකම්ම ඔබ ඔබ චැනල් මාරු කර කර බලනව. ගිය සතියෙ වගේම අදත් කියන්න වෙන්නෙ චැනල් නෙමෙයි... මහ ජනතාවගේ නොහොත් ඊනියා පුරවැසියගේ ඔලූව තමයි අපිට වෙනස් කරන්න වෙන්නෙ. එතකොට මහ ජනතාව නොහොත් සැබෑ පුරවැසියා බිහි වේවි. එතකොට මේ අයට උවමනා ලෙස ටෙලිවිෂන් චැනල් බිහි වේවි. එතෙක් සියලූ දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ලැබෙවා.... ආවඩා ආයිබෝ වේවා.....

3 comments:

SHASHI JAYATHILAKE PHOTOGRAPHY said...

NarA...uba kiwwa hari sahodaraya...dannam okkoma epa wela... hamoma api auth deyak karanawa kiyala karanne parana dewalmai....

Narada Bakmeewewa said...

comment ekata thx. aluth dewal walata ida denne nathi ayathana thiyena, minissu inna, ratak meka

Unknown said...

It's nice 2 c !

B't there was a thing .
In new generation don't hv chances to get knowledge ab't that,
4m Media side ,
neda............?