Thursday, March 25, 2010


සන්නිවේදනය තොරතුරු තාක්ෂණය සහ ශ‍්‍රී ලාංකිකයෝ සත්‍ය කතාවක් ඇසුරෙන්. නම් ගම් මන:කල්පිතයි සන්නිවේදනය අපව කිට්ටු කරලලූ. ඒක නිසාම ලෝකය කුඩා වෙලාලූ. ලෝකය එකම එක යායක්ලූ, තොරතුරු තාක්ෂණය අපට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලාලූ., ඔව් කතාව නම් ඇත්ත. මේ නිසා අපේ ලෝකය වේගවත් ඉදිරි ගමනක් යනව. හැබැයි ප‍්‍රශ්නෙ මේව මේ විදියටම අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නවද කියන එක. එහෙම නැත්තම් ඉහත කාරණා සාධනීය විදියට අපේ රටේ ක‍්‍රියාත්මක වෙනවද කියන එක. ඇයි මට මෙහෙම හිතෙන්නෙ. ඒක තමා මටත් තියෙන ප‍්‍රශ්නෙ. ඇයි මට මෙහෙම හිතෙන්නෙ? අනේ මන්දා..... මේව කියලත් බෑ නොකියත් බෑ. ඕගොල්ලන් හිතයිද දන්නෙ නෑ මම හැම දේකම වැරදි දකින නිසා මට ඔලූවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නෑ කියල. සමහරවිට එහෙම වෙන්නත් ඇති. ඒත් මේව නොකිය බෑ.  


දැන් ඔය සන්නිවේදනය අපිව කිට්ටු කරල කියනවනේ. එක පැත්තකින් ඒක ඇත්ත. අනෙක් පැත්තෙන් ගත්තොත් සන්නිවේදනය අපිට තට්ටු කරල තියෙනවනේ.අනික් පැත්තෙන් ඒකත් ඇත්ත. එහෙනම් කොහොමද මේ තට්ටුව වෙන්නෙ? ඒක විවිධාකාරයි. x එක පැත්තකින් සන්නිවේදන සමාගම් අපිට කිට්ටු කරල පොකැට් එකට තට්ටු කරනව. x අනෙක් පැත්තෙන් අපිම මොට්ට විදියට අපිටම තට්ටු කරගන්නව. x අනන්‍යතාවය හොයාගන්නත් පාවිච්චි කරනව දැන් මේ තට්ටු වෙන්නෙ අපිට විතරද.....? නෑ අපිට වගේම රටටත් වක‍්‍රාකාරයෙන් තට්ටු වෙනවා. ඉස්සර කාලේ අපේ රටේ දුරකතන සමාගම් එකක් දෙකක් තමා තිබුණෙ. මෑතකදි තමා සමාගම් ගොඩක් වුනේ. ඉස්සර සෙලියුලර් දුරකතනයක් ගන්නව කියන එක ගොඩක් අයට සිහිනයක්. දැන් කාලේ සෙලියුලර් දුරකතනයක් ගන්නව කියන එක නිකං අඹ වාරෙට ඇපල් ගෙඩියක් ගන්නව වගේ දෙයක්. තව ටික දවසකින් පේව්මන්ට් එකේ ගොඩ සීයයි..... ගොඩ සීයයි..... කියල සමහරවිට සෙලියුලර් දුරකතන විකුණයි. ඒ විතරක්ද? මේ වෙනකොට සම්බන්ධතාවයත් නොමිළේම දෙනව. ඉස්සර කාලේ ඇමතුමක් ගන්නව කියන එක නිකං ඇෙඟන් ඇටයක් ගියා වගේ. දැන් එහෙමද? ගාන සෑහෙන්න අඩු කරල. කෝල් එකක් සත පනහට රුපියලට ගිහිල්ල. ඇඟට ඇට හයි කරනව වගේ වැඩක්. ඒක හරි හොඳ වැඩක්. හැබැයි මේ සන්නිවේදන විප්ලවය අස්සෙ මට මතක් උනේ ඉස්සර රුපියල් 15,10, තිබිච්ච ඇමතුම් මිළ ගනන් මෙච්චර අඩු කළේ කොහොමද? සක‍්‍රයයි වයිමයි ඔය ඉන්න අනික් දෙවිවරුයි මේ ටැලිෆෝන් සමාගම් වල ලොක්කො උනාවත්ද මන්දා?.  


අපිට ටැලිෆෝන් කියන්නෙ නිකං වඳුරට දැලි පිහිය වගේ. බොහොම අමාරුවෙන් ගාණක් එකතු කරගෙන ටැලිෆෝන් යන්ත‍්‍රයක් අරගෙන හම්බ කරන සබ්බ සකලමනාවම ටැලිෆෝන් කොම්පැණි වලට පුදන්න අපි හරිම සූරයි. ඒක මාරයි නේද? මෙලෝ සිහියක් නැතුව කෝල් ගන්න ඇත්තො පාර තොටේ, කන්තෝරු වල, ගෙවල් වල අම්බානක ඉන්නව. මගේ ගෙදර වැඩ වගයකට ආපු බොහොම තරුණ මේසන් බාසුන්නැහැ කෙනෙක් හැමදාම රුපියල් 300 ටැලිෆෝන් කොම්පැණියට පුදල ඒකෙන් රීලෝඞ් දාගෙන දවස තිස්සෙ කතාව. හම්බ කරන්නෙත් හත් අටසීයයි. ඒකෙනුත් 300 කතාවට වියදම් කරනව. වැඩෙත් බාගෙට කරන්නෙ. ඒකෙන් සතයක්වත් ආදායම වැඩිවෙන්නෙ නෑ. කොන්ත‍්‍රාත් දීපු නිසා මට නං පාඩුවක් උනේ නෑ. බඩට කටට කාලද? මට නං පේන්නෙ මේක හරියට කුඩු ගැහුව වගේ වැඩක්. 


සන්නිවේදනය දියුණු වුනාම වෙන රටවල නම් කාර්යක්ෂමතාවය ඉහළ ගියා. අපේ රටේ ඕනෑම තැනක ... විශේෂයෙන් කාර්යාල වල බොහො වෙලාවට මිනිස්සු ඉන්නෙ ටැලිෆෝන් වල එල්ලිච්ච ගමන්. මේකෙන් වෙලා තියෙන්නෙ තිබිච්ච කාර්යක්ෂමතාවයත් පහළ ගිය එක. එහෙමත් නැත්නම් වැඩ වල තිබ්බ ගුණාත්මක බව පහළ ගිය එක. මේක මේ රටේ සංවර්ධනයට ඍජුවම බලපානවා. දැන් අර ඉස්සෙල්ල සඳහන් කරපු ඇමතුම් මිළ හෙවත් කෝල් චාර්ජර්ස් අඩු කරපු එකෙන් අපේ බිළ අඩු වෙන්න ඇති කියල ඕගොල්ලන් හිතුව නම් ඒකත් වැරදියි. මොකද දැන් කතා කරන වෙලාව වැඩි කරල. ඉස්සර විනාඩි 30 කතා කරපු එකා දැන් පැය ගාණක් කතා කරනව. මේක ටැලිෆෝන් සමාගමේ සංවර්ධනයට තදින්ම බලපානවා. කොහොමද එකම කාරණාව දෙවිදියකට දෙපැත්තකට බලපාන හැටි.  


මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් ටැලිෆෝනය සොයා ගත්තු ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් ජීවතුන් අතර සිටියා නම් ලංකාවේ මිනිස්සු ටැලිෆෝනය නිසා කරගත්තු අතරතැබ්බය දැකල අපේ අය වගේම නොනවත්වා, බඩට නොකා, රැුයක් දහවලක්, තැනක් නොතැනක්, නැතුව ස්ථාවර හරි සෙලියුලර් හරි, පෙර ගෙවුම් හරි පසු ගෙවුම් හරි ටැලිෆොන් එකකින් කතා කරල කරල දිවි නහගනී කියලයි මම නම් හිතන්නෙ. ඔය ටෙලිෆෝන් වල තත්වෙ. අන්තර්ජාලය පැත්තට ගියාම මොකක්ද තත්වෙ? අන්තර්ජාලය ජන්ජාලයක් වෙලා තියෙන්නෙ. දැනුම ගබඩා වෙලා තියෙන අන්තර්ජාල සාගරයේ කිමිදිලා දැනුම උකහා ගන්නෙ නැතුව අපේ අය ඕක පාවිච්චි කරන්නෙ චැට් කරන්නයි ගේම්ස් ගහන්නයි නිරුවත් රූප බලන්නයි. රට ලෝකේ ගැන අලූත් දැනුම සොයා යන්න වැඩි දෙනෙක් ට‍්‍රයි කරන පාටක් නෑ. ඉතින් අපි දශක ගණනාවක් තිස්සෙ බෙරිහන් දෙනව අපි තාම දියුණු වෙමින් පවතින රටක් කියල. ඉතින් දියුණු වෙයිද මේ වගේ ආකල්ප තියෙන මිනිස්සු ඉන්න රටක්

Friday, March 19, 2010

ෙවනස් විය යුත්ෙත් ඡන්දදායකයින්ය






අපි පුර වස්සන් සහ පුර වැස්සියන් ෙවමුද


අතන මෙතන කොතන ගියත් පේන්නෙ මහ ඡන්දෙනේ....
පාප්ප ගගා තාප්ප පුරා අලවමු පෝස්ටර් අනේ....
ඔබෙ අපේක්ෂකයා දිනවාලන්න මේ පෝස්ටරය අලවා දෙන්න.....
ඔබේ අපේක්ෂකයා දිනවාලන්න මිලියන ගණනින් මුදල් යොදන්න...


උතුරු මැද, වයඹ, මධ්‍යම වගේ පළාත් වල ඡුන්දෙ වෙලාවෙ ඇලවෙන පෝස්ටර් ගැන මම වැඩිය දන්නෙ නෑ.... මොකද දන්නවද? මම ඉන්නෙ බස්නාහිර පළාතෙ හින්ද. හැබැයි ඉතින් මෙහෙ නම් අපේක්ෂකත්වය ලැබෙන්නත් කලින් විවිධාකාර මූණු වලින් තාප්ප පිරුණා. විවිධාකාර කිව්වට මූණු වර්ග තුනකින් විතර තමා වැඩිපුරම තාප්ප අලංකාර කරල තිබුනෙ. තවත් කට්ටිය තම තමන්ගෙ මූණු ඇලෙව්වට එළිවෙනකොට ඒවා වැහිල යනවා. වැහෙන මූණු බලන්න නම් රෑට හරි මහ පාන්දර ජාමෙට හරි මහපාරෙ ඇවිදින්න වෙනවා. කොහොම හරි මේ උන්දැලා තාප්ප වල පෝස්ටර් අලවන්න හදන පාප්ප වලින් සෑහෙන කාලයක් අහින්සක මිනිස්සුන්ට ආප්ප කන්න දෙන්න තිබුණා නොමිළේම. ඒ විතරක් නෙමේයි.... විවිධ ජන මාධ්‍යය වලට සම්බන්ධ අපේක්ෂක මහත්තුරු මේ වෙන කොටත් ඒවා බදු අරගෙන. මම දන්න විදිහට මාධ්‍යය ආයතන තුන හතරකට කෙළින්ම සම්බන්ධ අය කීපදෙනෙක් මේ ඡන්දෙට ප‍්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් මේ මාධ්‍යය ආයතන අමු අමුවෙම මේ අයගෙ හොරණෑ බවට පත් වෙලා. තමන්ගෙම පක්ෂෙ අයටත් ගේම දීගෙන තමා යන්නෙ. ඊට අමතරව විවිධ පක්ෂ වලට හිතැති මාධ්‍යය ආයතනත් සල්ලි වක්කරන්න පුලුවන් අයගෙ දැන්වීම් වැඩියම දානවා. ඉතින් අපේ රටේ හැටි කියන්නෙ මුලූ දිස්ත‍්‍රික්කයක්ම පෝස්ටර් වලින් වහන්න පුලූවන්, ජන මාධ්‍යය පුරෝලා දැන්වීම් දාන්න පුලූවන්, සල්ලි වලින් විතරක් ශිල්ප දාන මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න තරම් අපේ ඡන්දදායකයො මෝඩ වෙලා. නිකන් ඡුන්දෙ නෙමෙයි ඉහළම මනාප තමයි දෙන්නෙ. තමන් එක්ක හැමදාම එකට හිටපු මිනිහව අමතක කරල තමන් වෙනුවෙන් කිසිමදාක පෙනී නොසිටපු, අයට ඡන්දෙ දෙන්න තරම් අපි රටක් විදිහට පිරිහිලා. අපේ රටේ ඡන්දයකදි හොරු මංකොල්ල කාරයො විවිධ දූෂණ කරපු මිනිසුන් ඉහලින්ම දිනනවා. සමාජය වෙනුවෙන් කිසිම වැඩක් නොකර සල්ලි වලින් විතරක් රජ වෙන්න පුලූවන් තත්වයකට අපේ රට වේගයෙන් ඇදීගෙන යනවා. සල්ලි තියෙනවා වගේම රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙනුත් පෙනී ඉන්නව නම් කමක් නෑ..... හැබැයි මේ බහුතරයක බලය ලබා ගැනීමේ අරමුණ තමන්ගෙ සල්ලි ගොඩ වැඩි කර ගැනීම බව අපේ රටේ ඡන්දදායකයිනට තේරෙන්නෙ නැති එක රටේ කරුමයක්ද නැත්නම් රටේ උරුමයක්ද මන්දා. අවාසනාවකට මේ දූෂිත අපේක්ෂකයින් සහ ඔවුන්ගෙ ගඳ ගහන වැඩ සමාජයට හෙළි කරන්න ඡන්දෙ ඉල්ලන කව්රුත් වැඩිය උනන්දු වෙන්නෙ නැති එකත් මාර ප‍්‍රශ්නයක්. අනේ මන්දා.... මේ වගේ උනදලා ගොඩක් පහුගිය පළාත් සභාවට ඉල්ලූව. වැඩක් කරමු වෙනස් කරමු අලූත් කරමු වගේ නානාප‍්‍රකාර දේවල් කිය කියා. මේගොල්ලන් ගොඩක් කට්ටිය දිනුව. මේ පාර ඡන්දෙ දෙන්න කළින් එගොල්ලන් කියපු දෙවල් කළාද කියල පොඞ්ඩක් හිතන්නවත් අපේ කට්ටියට මොළයක් තියෙයිද? ඒ මදිවට මෑත ඉතිහාසේ අති සාමාන්‍යය ජීවිත ගත කරපු මිනිස්සු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවල තියෙන ධනස්කන්දය විශ්වාස කරන්නත් බැරි තරම්. සියගණන් ව්‍යාපාරිකයො මේ අය වටේ එකතු වෙලා සල්ලි විසි කරනවා. මොකටද? අත ලෙව කන්නද? හැබැයි අපේ පුරවස්සො සහ පුරවැස්සියො මේ අයටම ඡුන්දෙ දෙනව. මොන පක්ෂෙ හිටියත් ඇයි අපි හොරුන්ව පාර්ලිමේන්තු යවන්නෙ. ඕනම පක්ෂෙක හොඳ මිනිස්සු ඉන්නව. ඇයි එගොල්ලන්ව දිනන්නෙ නැත්තෙ? සමහර දේවල් ගැන ඕනෑවට වඩා තප්පුලන උන්දලා... තමන්ගෙ ජීවිතේ මහ කැත දේවල් ඒව ඇතුලෙ හංගන්න යන බව නම් ඉතිහාසය පෙන්නල දීල තියෙනව. මේ විදියට පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. ඒ විතරක් නෙමේ මේවා සුද්ද කරන්න යන්නෙ අපේ බදු වලින් එකතු කර ගත් මුදල්. ජනතාවට සහන දෙන්න තියෙන සල්ලි. මේ මගින් සිදුවන පරිසර හානිය වලක්වන්න උසාවි නියෝග ඉල්ලලා පෙත්සම් ගොනු කරල පවා තියෙනව. ඉතින් මහජනතාව විදිහට තමන් කැමති පක්ෂයක කාට හරි මනාප දෙන්න ඉස්සෙල්ල අපේක්ෂකයාගෙ පැටිකිරිය හොයල බලන්න ඡන්දදායකයා උනන්දු විය යුතුයි. සමාජයට කරල තියෙන හැබෑ මෙහෙවර දූෂණ, අපරාධ, හොරකම්, මංකොල්ලකෑම් වලට සම්බන්ධද යන වග, අලූත් විදිහට හිතනවාද යන වග, බුද්ධිමත් බව වගේ දේවල් අපි හොයා බලලා ඡන්දෙ දෙන එක අපේ යුතුකමක්. අපිට රට වෙනස් කරන්න පුලූවන් වෙන්නෙ ඒ විදියට. මම විශ්වාස කරන්නෙ මේ රට හදන්න නම් අපේ රටේ ඡන්දදායකයා වෙනස් කිරීම වහා ඇරඹිය යුතුයි. අපේ රටේ ඡන්දදායකයින්ට මම අභියෝග කරනව පුලුවන්නම් තමන් විශ්වාස කරන පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන හොරු මංකොල්ල කාරයො විවිධ දූෂණ කරපු අපේක්ෂකයින් පරද්දලා තමන් බුද්ධිමත් පුරවැසියන් කියල මුලුු රටටම ඔප්පු කරන්න කියල. ඒෙහම ෙනාකෙළාත් ඉතින් අපිට සිද්ධ ෙවනව පුරවස්සන් සහ පුර වැස්සියන් ෙවන්න.

Wednesday, March 17, 2010

REALITY වීරයො


නායකයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, වීරයො බිහි වෙන්නෙ ජනතාව අතරින්, ජනප‍්‍රිය චරිත බිහි වෙන්නෙ ජනතා ආදරය තුළින්. ඒ ඉස්සර කාලේ....දැන් කාලේ මේ හැමෝම බිහි කරන්නෙ මිඩියා එක. නායකයෙක් කියල කෙනෙක්ව හදලා ජනතාවට මීඩියා එකෙන් පෙන්නනවා.... මේ ඉන්නෙ නායකයෙක්. කියල.... වීරයෙක් කියල කෙනෙක්ව හදල මීඞීයා එකෙන් පෙන්නනවා මේ ඉන්නෙ වීරයෙක් කියල. එතකොට අපි ඒක පිළිගන්න ඕන. මේ කාලෙ නායකයො, වීරයො හදන්නෙ මීඩියා එක මිසක් ජනතාව නෙමෙයි. ඒක නිසාම මෙහෙම බිහිවෙන අය ජනතාවට වග කියන්නෙ නෑ. එගොල්ලන් වග කියන්නෙ මීඩියා එකට. දැනට මේක කරන්නෙ එක එක මාධ්‍යය ආයතන වල සැඟවුනු න්‍යාය පත‍්‍ර අනුව. තව ටික කාලෙකින් ජනතාවගෙ නායකයො සහ වීරයො තෝරන REALITY SHOWS එහෙමත් පටන් ගනී. එතකොට මාධ්‍යය ආයතනය ඉදිරිපත් කරන තරඟකරුවන් අතරින් නායකයෙක් කරන්න ඔබ කැමති X ට නම් LX හිස් තැනක් අංක ..... යොදා 7712 SMS කරන්න. වීරයෙක් කරන්න ඔබ කැමති Y ට නම් HY හිස් තැනක් අංක ... යොදා 7725 ට SMS කරන්න. වෙයි. එතකොට මාධ්‍යය මගින් ඉදිරිපත් කරන කෙනා ජනතා ඡුන්දයෙන් මාධ්‍යය වීරයා හෝ නායකයා බවට පත්වේවි. දිනන කෙනාට මිලියන ගනන් මුදල් ලැබෙවි. නැත්නම් නොලැබෙවි. ඒ කොහෙම වෙතත් යවපු SMS හින්ද අපේ සාක්කුවට නම් තට්ටු වේවි. හැබැයි ඉතින් REALITY SHOWS නොවුනත් තරෙඟට ඡුන්ද දැන්වීම් දාලා වීරයො සහ නායකයො වෙන්න හදන අය මේ කාලේ ටෙලිවිෂන් තිර පුරෝලා ඉන්නව. මොකද කියනවනම් ඡුන්දෙ තියෙනවනෙ. ඒකයි....
දැන් අපි බලමු සැබෑ ජනතා ආදරය දිනාගෙන ජනප‍්‍රිය වීමයි මාධ්‍ය ආයතන මගින් නම් කරල වියදම් කරල ජනප‍්‍රිය කරවීමයි ගැන. මේක එක එක විදිෙය Stars ලා බිහි කරන කාලයක්.. අපි බොහෝ දෙනෙක් කැමතියි ජනප‍්‍රිය වෙන්න. ඒක මිනිස් ස්වභාවයක්. ඉතින් මෙන්න මේකතේරුම් ගත්ත බටහිර මනුස්සයෙක් තරු තෝරන සංගීත වැඩසටහනක් පටන් ගත්ත. වැඩෙ නැගලා ගියා. පස්සෙ මේ වැඩසටහන් ආකෘතිය ඇමරිකන් කාරයෙක් සල්ලිවලට ගත්තා. ඔය විදිහට තමා X-Factor සහ America Idol පටන් ගත්තෙ. දැන් මේ වගේ වැඩසටහන් ලොකයේ රටවල් කීපයක තියෙනවා. අපේ රටේ ආයතනයකුත් ඒ වැඩසටහන් බලල මෙහෙත් ඒ වගේම වැඩසටහනක් පටන් ගත්ත. වැඩෙ නැගලා ගියා. දැන් ලංකාවේ තියෙන හැම ටෙලිවිෂන් ආයතනයකම තරු බිහි කරන Reality Shows වැහි වැහැලා. දැන් මේ අය නානාප‍්‍රකාර තරු බිහි කරනව. ගයන තරු, නටන තරු, විකට තරු, ළමා තරු, හෙවනැළි තරු, වයන තරු, අන්තිමේදී වල්ග තරුත් බිහිකරයිද දන්නෙ නැහැ. දැන් මෙහෙම බිහි කරන අයට අන්තිමේදි මොකද වෙන්නෙ. මේ තරඟ වලට ඉදිරිපත් වන දක්ෂ දරුවන්ට අනාගතයක් තියෙනවද? අති සාමාන්‍යය ජීවිතයක් ගත කරල එකපාරටම ගුවන්ගත කරල අත ඇරලා දානව. නිකන් කරකවල අත ඇරිය වගේ. එහෙම උනාට පස්සෙ දැන් ඊළඟට මම මොකද කරන්නෙ? කියන ප‍්‍රශ්නයට උත්තර දෙන්නෙ කව්ද? මෙලෙස බිහි කරන තරුවලට නිසි පුහුණුවක් මග පෙන්වීමක් කරන්නෙ කව්ද?....
බහුජන සංස්කෘතික යුගයේ සියලූම දේවල් ඇමරිකානුකරණය වෙලා. සංස්කෘතික විවිධත්වය නැති වෙලා. කොහේ බැලූවත් අපිට පේන්නෙ එකම වගේ දේවල්. ඔය කතන්දරේ ලංකාවේ ටෙලිවිෂන් වලටත් වෙලා. ලංකාවෙ තියෙන හැම චැනල් එකක්ම එකම වගේ. එකම වෙලාවට හැම එකකම එකම වගේ වැඩසටහන් යන්නෙ. එකම නලූ නිලියො එක වගේ කතන්දර තියෙන ටෙලිනාට්‍යය වල ඉන්නව. ඔක්කොම පැටලිලා. දවසක් අපේ මිත‍්‍රයෙක් මත් රකුසාට බිලි වුන වෙලාවක ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ සින්දුවක් කිව්ව. මෙන්න මේ විදියට තමා කිව්වෙ.

කන්දේ හැපුණා මහ වනන්තරේ
ඞී සී අට අහස් යන්තරේ
එල්ලලාද මැරුවේ මරලාද එල්ලූවේ ශාන්ත අන්තොනි මුණිතමා.....

සින්දු තුනක් පටලවලා ලස්සනට තාලෙට කිව්ව. කිසිම අවුලක් නැතුව. ඒ වගේම තමා ලංකාවේ ටෙලිවිෂන් වැඩසටහන්. ඔක්කොම එකයි. පැටලූනාට අවුලක් නෑ. කෝක බැලූවත් එකයි. ලංකාවේ විවිධ තරංග පරාස වල එක එක නම් වලින් වැඩසටහන් පෙන්නුවට මට න ම් පේන්නෙ එකම අනන්‍යතාවය තියෙන එකම එක චෑනල් එකයි. විවිධත්වයක් නෑ. හැමෝම උත්සාහ කරන්නෙ අනික් චැනල් එක වගේ වෙන්න. ඒ කියන්නෙ තමන් නොවී අනෙකා වීම. අනික මේ චැනල් වල තියෙන්නෙ එකම වගේ වැඩසටහන් සුලූ ප‍්‍රමාණයක්. ඒවත් ඔරිජිනල් නෙමෙයි. එක්කො පිටරට වැඩසටහන් කොපි කරල නැත්නම් තවත් චැනල් එකක් පිටරටින් කොපි කරල හදපු වැඩසටහනක් කොපි කරල. සමහර වෙලාවට මේවායෙ වෙනස් නම විතරයි. වැඩසටහන එකයි. කරනවනම් කරන්න අනන්ත අප‍්‍රමාණ වැඩසටහන් තියෙනවා. එක්කො කව්රුත් කරන්නෙ නෑ... නැත්නම් කාටවත් කරන්න දෙන්නෙ නෑ. කළත් අනුග‍්‍රාහකයො නෑ. අපිත් දෙන දෙයක් බලල දැහැමින් සෙමින් ජීවත් වෙනව. අපි බලන නිසා ඒගොල්ලොත් තවත් හද හද දෙනව. දෙන්න දෙන්න අපිත් අත අරින්නෙ නැතුවම බලනව. එක චැනල් එකක් නෙමෙයි. හැම චැනල් එකක්ම බලනව. රිමෝට් එක ගෙවෙනකම්ම ඔබ ඔබ චැනල් මාරු කර කර බලනව. ගිය සතියෙ වගේම අදත් කියන්න වෙන්නෙ චැනල් නෙමෙයි... මහ ජනතාවගේ නොහොත් ඊනියා පුරවැසියගේ ඔලූව තමයි අපිට වෙනස් කරන්න වෙන්නෙ. එතකොට මහ ජනතාව නොහොත් සැබෑ පුරවැසියා බිහි වේවි. එතකොට මේ අයට උවමනා ලෙස ටෙලිවිෂන් චැනල් බිහි වේවි. එතෙක් සියලූ දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ලැබෙවා.... ආවඩා ආයිබෝ වේවා.....

Tuesday, March 9, 2010




ආදරය යනු.......


මේ කාරණාව ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා
කෙනෙක් ආදරය යනු පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ලබා දිය යුතු දෙයක් විදහට අර්ථ දක්වන කොට තව කෙනෙක් ආදරය තරමක් ප්‍රචණ්ඩ බව කියනවා. ආදරයේ පැවැත්ම සඳහා බාධාවන් තිබිය යුතු බව තවත් මතයක් ලෙස ඉදිරිපත් වී තිඛෙනවා.

ෙකසේ නමුත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මග දිගේ අද දක්වා ඉස්සරහට එනකොට අපි මේ කතා කරන ආදරය කියන කාරණාව ප්‍රස්තූත කරගත් විවිධ සිදුවීම් රාශියක් ඉතිහාසය පුරා දැකගන්නට පුලූවන්. ඉහවහා ගිය ආදරය වගේම , බලය ලබාගැනීම, රාජ්‍යත්වය පවත්වාගෙන යාම වැනි හැම දෙයක් සඳහාම ආදරය භාවිතා වුනා. මේ හැම දෙයක්ම ඉහත කාරණාව තුළදී අපට කතා කරන්න පුලූවන්. ඉතින් ඒසා සංකීර්ණ වූ, විටෙක අප නලවන විටෙක අප හඬවන අප බදා වැලඳ ගන්නා වූ මේ ආදරය පැමිණෙන්නේ කොහේ සිටද? මේ ආදරය කාගේ නිර්මාණයක්ද?

අාදරය කියන මිනිස් හැඟීමට ප්‍රාණය ජීවය සහ අර්ථය ගොඩනැංවූයේ ශිෂ්ටාචාරය විසින්. පූර්වජ මිනිසා හුදු ආකර්ෂණය සහ ලිංගිකත්වය නැමැති ස්වභාවික කාරණාව මත සම්බන්ධතා පැවැත්වූ අතර මිනිස් සමාජය සංස්කෘතික වන්නට පටන් ගත්දා සිට, නැතිනම් මහඅනෙකාගේ නීතිය මිනිසා ශික්ෂණය කරන්නට වීමත් සමග ආදරය කියන කාරණාව මිනිස් සම්බන්ධතා සමග එක්වුනා. ඉතින් මේ මිනිස් සම්බන්ධතා ඇතිවන්නෙ නැත්නම් පවතින්නෙ උපයෝගිතාවය මත. උපයෝගිතාවය හමාර වූ විට එම සම්බන්ධතා බිඳ වැටෙනවා. හැබැයි ආදරය මේ සම්බන්ධතා තුළ තිබුනානම් උපයෝගීතාවය නැතත් ආදරය නිසා සම්බන්ධය හැමදාමත් පවතීවි. ඉතින් අපි සමාජයේදී දකින විවිධ මිනිස් සම්බන්ධතා තුළ ආදරය ඇති අවස්ථා මෙන්ම නැති අවස්ථා අනන්තවත් දැකිය හැකියි.

ඒ්වගේම අපේ සමාජය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආදරය කියන කාරණාව විවිධ මිනිස් සම්බන්ධතා සමග පටලවා ගෙන, දෙදෙනෙක් අතර ඇතිවන ඕනෑම සම්බන්ධයක් ආදරය කියල හිතන එක. විවාහය කියන්නෙ ආදරය නෙමෙයි. එය හුදු බැඳීමක්. ප්‍රේම සම්බන්ධය කියන්නෙ ආදරය නෙමෙයි ආකර්ෂණයක්. හුඟ දෙනෙක් හිතන්නෙ යමෙක් තවකෙකුට කැමති උනොත්, දෙදෙනෙක් විවාහ උනොත් ඒ ආදරය කියල. නමුත් ඒ ආදරය නෙමෙයි. ආකර්ෂණය. හැබැයි මේ මිනිස් සම්බන්ධකම් ඇතුළට ආදරය කියන කාරණාව ඇතුල් කරන්න පුලූවන්. ඉතින් එලෙස ආදරය ඇතුල් නොවුනු සම්බන්ධකම් අපට අනන්තවත් දැක ගන්නට ලැඛෙනවා. සමහරුන් හිතනව යෝජනා විවාහ වලට වඩා ප්‍රේම සම්බන්ධතා මත ඇතිවන විවාහ හොඳයි කියල. තවත් සමහරු හිතන්නෙ යෝජනා විවාහ හොඳයි කියල. හැබැයි මේ කුමනාකාරයකින් විවාහය සිද්ධ උනත් ඒ තුළ ආදරය නැතිනම් ඒවා සාර්ථක වන්නේ නෑ.

බිරිඳ මගේ ඔබ නෑ මා ඔබගේ බිරිඳ නොවේ

දෑඟිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ නොවේ

ගූණදාස කපුගේ කියන මේ ගීතය තුළ සම්බන්ධකම් සහ නියම ආදරය කියන කාරණා දෙක බොහොම ලස්සනට ලියවිලා තියෙනවා. නීතියෙන් පමණක් විවාහ වී, ආදරය නොමැතිව ජීවත් වන අය අපට අනන්තවන් දැක ගන්නට පුලුවන්. ඉතින් කවදාවත් ආදරය කියල කියන්නෙ මොකක්ද කියල මට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඒක රාමුවක් ඇතුළට ගේන්න බෑ. ඒක විවිධ පුද්ගලයින්ගේ ජීවිතාවබෝධය ඇතුලෙ, සන්දර්භයන් ඇතුලෙ වෙනස් වෙන දෙයක්.

අපිට සතා සීපාවට, පරිසරයට, පොදු මිනිස් සමාජයට අදරය කරන්න පුලූවන්. ඉතිහාසයේ සිටි මහා පුරුෂයින් වන බුදුරජානන් වහන්සේ, ඡේසුතුමන් විශ්වයේ සිටින මුලූමහත් මිනිස් සමාජයට ආදරය කලා. අද දවස වන විට අපේ සමාජය ආදරය කියන කාරණාව සමහරවිට වැරදි විදිහට තමයි අර්ථ ගන්වගෙන තියෙන්නෙ. අපි මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතමු. අපි අපේ දරුවන්ට හරි ආදරෙයි. අපි හැම දෙයක්ම දරුවන් වෙනුවෙන් කරනව. අනික් දරුවන්ට වඩා අපේ දරුවා ඉහලට ගෙන යන්න අපි ඕනෑම දෙයක් කරනව. ඒ ආදරය නිසා. හැබැයි අපි ආදරය කරන්නෙ අපේ දරුවාට විතරයි. එතකොට අනෙක් දරුවො දරුවො නෙමෙයිද? ඇයි අපිට අනෙක් දරුවන්ටත් ආදරය කරන්න බැරි. සමහරවිට සමහර අය හිතයි මේවා ප්‍රායෝගික නොවන දේවල් කියල. නෑ මේවා අපේ සමාජයෙ යම්තාක් දුරට හෝ මෑතක් වනතුරු ක්‍රියාත්මක වූ දේවල්. තවමත් නශ්ටාවශේෂ විදිහට හෝ ක්‍රියාත්මක වන් තැන් අපට දැක ගන්නට පුලූවන්.

ඉතින් මගේ සුපිරි අහම එහෙම නැත්නම් උත්තර විඥානය ඉල්ලා සිටින්නේ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී නිර්ලෝභීව ආදරය පිරිනමන් මිනිසුන් සිටින ලෝකයක්. බල ලෝභය, වෛරය, කෝ්‍රදය නොමැති අපි එකිනෙකාට ආදරය කරන ආදරණීය සමාජයක්

Mawbima

Mawbima

Monday, March 8, 2010

Nallur Temple


Nallur Kandaswamy Kovil or Nallur Murugan Kovil (kovil meaning temple in Tamil) is one of the most significant Hindu temples in the Jaffna District of Northern Province, Sri Lanka. It stands in the town of Nallur. The presiding Deity is Lord Muruga in the form of the holy Vel.