සන්නිවේදනය තොරතුරු තාක්ෂණය සහ ශ‍්‍රී ලාංකිකයෝ සත්‍ය කතාවක් ඇසුරෙන්. නම් ගම් මන:කල්පිතයි සන්නිවේදනය අපව කිට්ටු කරලලූ. ඒක නිසාම ලෝකය කුඩා වෙලාලූ. ලෝකය එකම එක යායක්ලූ, තොරතුරු තාක්ෂණය අපට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලාලූ., ඔව් කතාව නම් ඇත්ත. මේ නිසා අපේ ලෝකය වේගවත් ඉදිරි ගමනක් යනව. හැබැයි ප‍්‍රශ්නෙ මේව මේ විදියටම අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නවද කියන එක. එහෙම නැත්තම් ඉහත කාරණා සාධනීය විදියට අපේ රටේ ක‍්‍රියාත්මක වෙනවද කියන එක. ඇයි මට මෙහෙම හිතෙන්නෙ. ඒක තමා මටත් තියෙන ප‍්‍රශ්නෙ. ඇයි මට මෙහෙම හිතෙන්නෙ? අනේ මන්දා..... මේව කියලත් බෑ නොකියත් බෑ. ඕගොල්ලන් හිතයිද දන්නෙ නෑ මම හැම දේකම වැරදි දකින නිසා මට ඔලූවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නෑ කියල. සමහරවිට එහෙම වෙන්නත් ඇති. ඒත් මේව නොකිය බෑ. දැන් ඔය සන්නිවේදනය අපිව කිට්ටු කරල කියනවනේ. එක පැත්තකින් ඒක ඇත්ත. අනෙක් පැත්තෙන් ගත්තොත් සන්නිවේදනය අපිට තට්ටු කරල තියෙනවනේ.අනික් පැත්තෙන් ඒකත් ඇත්ත. එහෙනම් කොහොමද මේ තට්ටුව වෙන්නෙ? ඒක විවිධාකාරයි. x එක පැත්තකින් සන්නිවේදන සමාගම් අපිට කිට්ටු කරල පොකැට් එකට තට්ටු කරනව. x අනෙක් පැත්තෙන් අපිම මොට්ට විදියට...